අප ගැන ____

අපගේ දැක්ම

“ජනතාවගේ සහයෙන් ජනතාව සමඟ ජනතාවගේ දියුණුවට”

අපගේ මෙහෙවර

බලප්‍රදේශයේ ජනතාවගේ සමාජ,ආර්ථික හා පාරිසරික අභිවෘද්ධිය උදෙසා ප්‍රජා සහභාගිත්වය තුලින් සියලුම සම්පත් සැලසුම් සහගත ලෙස උපයෝගී කර ගනිමින් තිරසාර සංවර්ධනය සඳහා සේවා සැලසීමයි.

මුලටියන ගැන

මාතර නගරයේ සිට කඹුරුපිටිය – කොටපොල මාර්ගයේ කි.මී. 33 ක් ඊසාන දිගින් මුලටියන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය  පිහිටා ඇති අතර, බල ප්‍රදේශයේ  විශාලත්වය 115.3 km2කි. උතුරින් පස්ගොඩ හා කටුවන ප්‍රාදේශීය සභා  බල ප්‍රදේශයෙන්ද , දකුණින් කඹුරුපිටිය ප්‍රාදේශීය සභා  බල ප්‍රදේශයෙන්ද, නැගෙනහිරින් හම්බන්තොට දිස්ත්‍රික් මායිම සහ හක්මණ ප්‍රාදේශීය සභා  බල ප්‍රදේශයෙන්ද, බටහිරින් අකුරැස්ස හා පිටබැද්දර ප්‍රාදේශීය සභා  බල ප්‍රදේශයෙන්ද මායිම්ව‍ මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිහිටා ඇත. මාතර දිස්ත්‍රික් භූමි ප්‍රමාණයෙන් 8.99% ක් මුලටියන බල ප්‍රදේශය  සතුව ඇත. මාතර දීස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16  අතුරින් විශාලත්වය අතින් මුලටියන කොට්ඨාසය පස්වන ස්ථානය ගනි.

කොට්ඨාශයේ භු විෂමතාවය පිළිබදව සැලකිමේ දී දකුණින් හා නිරිත දිගට වන්නට මුහුදු මට්ටමේ සිට අඩි 100 ක් පමණ උසින් ආරම්භ වේ. උතුර හා වයඹ දිගට වන්නට අඩි 800- 1000 දක්වා සිඝ්‍ර නැග්මක් පෙන්නුම් කරයි. උතුරු  අක්ෂාංශ 6° 12′ – 6° 5′ හා නැගෙනහිර දේශාංශ  80° 31′ – 80°  40′ අතර පිහිටා ඇත. වර්ෂය පුරා පැතිරුන  වර්ෂාපතනය 2200 mm – 3000mm පමණ වන අතර තෙත් දේශගුණයක් දක්නට ඇති නිසා තෙත් කලාපීය සදාහරිත වනාන්තර දක්නට ලැබේ.

කොට්ඨාසයේ ප්‍රධාන  ජල ධාරාව  කිරම ආර වන අතර, එය හම්බන්තොට දීස්ත්‍රික්කයට අයත් රම්මලේ කන්දෙන් ආරම්භව වරාපිටිය වැව හරහා කොට්ඨාසයේ ඊසාන  දිග කොටසින් මුලටියනට ඇතුල් වන අතර, කොට්ඨාසයේ කෙත් වතු සරු කරමින් ගලා ගොස් කොරඹුරුවාන ග්‍රාම නිලධාරි වසමෙන් කොට්ඨාශයෙන් පිටවේ.  කොස්ගහදොල, පුවක්දොල, ඌරුමුතු ඔය, ආදියෙන් ප්‍රධාන ජල ධාරාව පෝෂණය වේ.  මෙම කොට්ඨාශයේ  ශාකීය ජල වහන රටාවක් දක්නට ලැබේ.

115.3 km2 ක් පමණ වූ මෙම බල ප්‍රදේශය  ග්‍රාම නිලධාරි වසම් 48 කින් සමන්විතය. පරිපාලන ඒකකය වයඹ, උතුර හා ඊසාන කොටස් කඳු ගැටවලින් ගහන ප්‍රදේශයක් වන අතර නැගෙනහිර හා ගිණිකොණ  දිග කොටස කුඩා කඳු ගැට හා ගංගා නිම්නවලින් සමන්විතය. තේ, රබර්, පොල් ප්‍රධාන  ආර්ථික  භෝග ලෙස වගා කරන අතර,  වී වගාවද සාර්ථකව යල මහ කන්න දෙකෙහිදිම සිදුකරයි. වැඩි පිරිසක් තේ සහ කුරුඳු වගාව තුළ ජිවන මඟ සරු කර ගනිමින් සිටී. අතුරු වගාවන් ලෙස  සුළු අපනයන බෝග වන ගම්මිරිස්, කරාබුනැටි ඇතුළු වගාවන්ද  සාමාන්‍ය මට්ටමින් සිදුකරන  අතර ඒ තුලින් මෙම කොට්ඨාශයේ ජනතාව  ජාතික  ආර්ථිකයටද විශාල දායකත්වයක්  ලබාදෙයි.

තෙත් දේශගුණයක් පවතින මෙම  ප්‍රදේශයේ  පළතුරු  වගාව ද  සිදුකෙරෙන අතර, ඒ අතුරින් රඹුටන් ප්‍රධාන තැනක් ගනී.  කෙසෙල්, අලිගැටපේර, ගස්ලබු, ධූරියන් වැනි පළතුරු වගාවන්ටද වඩාත් සුදුසු පසක් පවතින  ප්‍රදේශයකි.

ලේකම්තුමියගේ පණිවිඩය

මුලටියන ප්‍රාදේශීය  සභාවේ වෙබ් අඩවිය පුරවැසි සේවා කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් ආරම්භ කිරීමට  හැකි වීම පිළිබඳව සතුටට පත් වෙමි.

තාක්‍ෂණයේ දියුණුවත් සමඟ රාජ්‍ය පාලන ව්‍යුහය හා ජනතාව අතර සම්බන්ධතා වඩාත් සමීප කිරීමට මෙන්ම වැඩි කාර්යක්‍ෂමතාවයකින් යුතුව ජනතා සේවාවන් ඉටු කිරීමට මෙම වෙබ් අඩවිය සභාවේ නිලධාරීන්ට මෙන්ම පුරවැසි ජනතාවට ද එකසේ ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.

පුරවැසි ජනතාවට වරිපනම් බදු ගෙවීම, නොපවරා ගැනීමේ  සහතික ලබා ගැනීම ,ගොඩනැඟිලි සැලසුම් අනුමත කිරීම, අනුකූලතා සහතික ලබා ගැනීම, අනුබෙදුම් අයදුම්පත් අනුමත කිරීම සහ සභාවෙන් ලැබිය යුතු සේවාවන් සඳහා අයදුම්පත් බාගත කිරීම, අදාළ සේවාවන් සිදු කර ගැනීමේ ක්‍රියාපටිපාටිය ගැලීම් සටහන් මඟින් විස්තරාත්මකව සපයා ගැනීම සඳහා ද මෙම සභාවේ වෙබ් අඩවිය මඟින් පහසුකම් සලසා දී ඇත. තවද  අන්තර්ජාලය ඔස්සේ සියළුම ගෙවීම් කටයුතු සිදු කිරීමට  මෙමගින් පහසුකම්  සලසා  ඇත. එමෙන්ම අපගේ පුස්තකාල පද්ධතිය ද ස්වයංක්‍රීයකරණය කිරීමට  කටයුතු සලසමින් සිටින බව ද සඳහන් කරනු කැමැත්තෙමි.

අපගේ සේවාවන් අඛණ්ඩව වැඩි දියුණු කිරීම සඳහා ඉල්ලීම් සහ පැමිණිලි ලබා ගැනීමේ පහසුකම ද මෙම වෙබ් අඩවිය සතුවේ.

විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව තොරතුරු තාක්‍ෂණයෙන් බල ගැන්වුණු රාජ්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා මුලටියන  සභාවේ කටයුතු      ස්වයංක්‍රීයකරණය කිරීමේ දිර්ඝ කාලීන ව්‍යාපෘතිය තුලින් ඉදිරි වසර කිහිපය තුළ දී නවීන තොරතුරු තාක්‍ෂණයෙන් බල ගැන්වුණු පළාත් පාලන ආයතනයක් බවට මුලටියන ප්‍රාදේශීය  සභාව පත් කිරීම අපගේ අපේක්‍ෂාව බව ද සතුටින් සඳහන් කරමි.

මුලටියන ප්‍රාදේශීය සභාවට අයත් ග්‍රාම නිලධාරී වසම්

 ග්‍රාම නිලධාරී වසමග්‍රාම නිලධාරී වසම් අංකයජනගහනය
1ගොම්බද්දල – දකුණ2711466
2ගොම්බද්දල – උතුර271A970
3කුඩාපාන271B891
4මුලටියන2721419
5නෙරලම්පිටිය272A1139
6කැටියපේ උතුර273954
7ගම්මැදගම273A1022
8කැටියපේ දකුණ273B928
9කැටපලකන්ද273C1468
10දෙයියන්දර2752094
11සීනිපැල්ල-බටහිර275A1370
12සීනිපැල්ල- නැගෙනහිර275B1033
13ගල්ඇටුඹ275C1032
14මඩුවල275D1505
15බෙල්පාමුල්ල275E972
16පරපාමුල්ල නැගෙනහිර2761137
17පරපාමුල්ල බටහිර276A816
18අතපත්තුකන්ද276B1225
19පරපාමුල්ල දකුණ276C751
20දේවාලේගම – නැගෙනහිර2771056
21දේවාලේගම – බටහිර277A1286
22රදාවෙල-නැගෙනහිර278917
23රදාවෙල-බටහිර278A766
24බටදොල2791388
25පිටවල්ගමුව279A1542
26කිත්සිරිපුර279B1229
27පල්ලාවෙල279C1132
28කොරඹුරුවාන299884
29රංසෑගොඩ-දකුණ299A1400
30මීපාවිට299B1116
31මුදලිගෙදර299C1022
32රංසෑගොඩ-බටහිර299D817
33රත්කැකුලාව299E2066
34බමුණුගම- නැගෙනහිර300905
35හොරපාවිට-උතුර300A1602
36බමුණුගම- බටහිර300B1422
37හොරපාවිට-දකුණ300C1107
38මාකඳුර-බටහිර3011795
39රංසෑගොඩ-උතුර301A1827
40මාකඳුර-නැගෙනහිර301B1572
41රංසෑගොඩ-නැගෙනහිර301C934
42දිද්දිනිපොත – නැගෙනහිර302748
43දිද්දිනිපොත – දකුණ302A1127
44දිද්දිනිපොත – උතුර302B708
45බැරගම- නැගෙනහිර3031192
46බැරගම- බටහිර303A1425
47බැරගම- උතුර303B1670
48බැරගම- දකුණ303C1276

මුලටියන ප්‍රාදේශීය සභාවට අයත් ජන්ද කොට්ටාශ

 

ජන්ද කොට්ටාශය

ජන්ද කොට්ටාශය අංකය

ජනගහනය  

1

ගොම්බද්දල

1  අ/ආ

2473

2

මුලටියන

2  අ/ආ

2674

3

දෙයියන්දර

3  අ/ආ/ඇ

3106

4

කැටියපේ

4  අ/ආ

2570

5

දේවාලේගම

5  අ/ආ

3417

6

පිටවල්ගමුව

6  අ/ආ/ඇ

3601

7

රදාවෙල

7  අ/ආ

2792

8

සීනිපැල්ල

8  අ/ආ

4012

9

බැරගම

9  අ/ආ/ඇ

4313

10

මාකඳුර

10 අ/ආ/ඇ

3580

11

රංසෑගොඩ

11 අ/ආ

3045

12

මීපාවිට

12 අ/ආ/ඇ

2991

13

බමුණුගම

13 අ/ආ

3547