පුස්තකාල සේවාවන් ____
මුලටියන ප්‍රාදේශීය සභාව විසින් ජනතාව වෙත සපයනු ලබන තවත් සේවාවක් ලෙස මහජන පුස්තකාල සේවාව පවත්වාගෙන යනු ලබයි. මෙම සේවාව මඟින් මහජනතාවට පොත්පත් වාර සඟරා පුවත්පත් ආදිය පහසුවෙන් කියවීමට හා බැහැර ගෙන යාමට පහසුකම් සපයනු ලැබේ. එමඟින් දැනුමෙන්, බුද්ධියෙන් පිරිපුන් සමාජයක් ගොඩනැගීම අපගේ අරමුණයි.
පුස්තකාල පොත් බැහැර දීම.
- පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගෙන බැහැරට පොත් ගෙනයෑමේදී පොත පරිහරණය කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන අතර ඒම සති දෙක ඉක්මවීමට පෙර එම කාලය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කරගත හැකිය.
- සත් දෙක ඉක්ම යන තෙක් පොත භාරදීමට අපොහොසත් වුවහොත් ඉන් පසු ගත වන සෑම දිනයක් සඳහාම ශත 50 ක මුදලක් අය කරනු ලැබේ.
- සාමාජිකත්වය ලබා ගත් අයෙකු අතින් ලබා ගත් පොතක් නැති වීමේදී හෝ පොත විනාශ වීමක් සිදු වුවහොත් ඒම පොතෙහි වටිනාකම මෙන් දෙගුණයක් ගෙවීම හෝ එම පොතම ගෙන්වා දීම සිදු කළ යුතුය.
පුස්තකාල සාමාජික ගාස්තු
- පාසල් ළමුන් සහ අනිකුත් සාමාජිකයින් සඳහා රු. 110/- කි.
සාමාජික අයදුම්පත්‍ර
- මුලටියන ප්‍රාදේශීය සභා මහජන පුස්තකාල වල සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රය බාගත කරගන්න.
සාමාජික අයදුම්පත්‍රය සම්පූර්ණ කිරිම සඳහා අවශ්‍ය උපදෙස්
ළමා සාමාජිකත්වය සඳහා
(අයදුම්පත්‍රයේ පහත සඳහන් කොටස් සම්පූර්ණ කර යුතුය.)
- සාමාජිකයාගේ පෞද්ගලික තොරතුරු
- ඇපකරුගේ සහතිකය (මුලටියන බල ප්‍රදේශයේ රජෙය් සේවකයෙකු හෝ ප්‍රාදේශීය සභාවට වරිපනම් බදු/අක්කර බදු/ව්‍යාපාර බදු හෝ වෙනත් බදු ගෙවන්නෙකු විය යුතුය)
- භාරකරුගේ සහතිකය ( මව/පියා/භාරකරු)
අනෙකුත් සාමාජිකයින් සඳහා
(අයදුම්පත්‍රයේ පහත සඳහන් කොටස් සම්පූර්ණ කර යුතුය.)
- සාමාජිකයාගේ පෞද්ගලික තොරතුරු
- ඇපකරුගේ සහතිකය (මුලටියන බල ප්‍රදේශයේ රජෙය් සේවකයෙකු හෝ ප්‍රාදේශීය සභාවට වරිපනම් බදු/අක්කර බදු/ව්‍යාපාර බදු හෝ වෙනත් බදු ගෙවන්නෙකු විය යුතුය)


