අප ගැන ____
අපගේ දැක්ම
“ජනතාවගේ සහයෙන් ජනතාව සමඟ ජනතාවගේ දියුණුවට”
අපගේ මෙහෙවර
බලප්‍රදේශයේ ජනතාවගේ සමාජ,ආර්ථික හා පාරිසරික අභිවෘද්ධිය උදෙසා ප්‍රජා සහභාගිත්වය තුලින් සියලුම සම්පත් සැලසුම් සහගත ලෙස උපයෝගී කර ගනිමින් තිරසාර සංවර්ධනය සඳහා සේවා සැලසීමයි.
මුලටියන ගැන
මාතර නගරයේ සිට කඹුරුපිටිය – කොටපොල මාර්ගයේ කි.මී. 33 ක් ඊසාන දිගින් මුලටියන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිහිටා ඇති අතර, බල ප්‍රදේශයේ විශාලත්වය 115.3 km2කි. උතුරින් පස්ගොඩ හා කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද , දකුණින් කඹුරුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද, නැගෙනහිරින් හම්බන්තොට දිස්ත්‍රික් මායිම සහ හක්මණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද, බටහිරින් අකුරැස්ස හා පිටබැද්දර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද මායිම්ව මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිහිටා ඇත. මාතර දිස්ත්‍රික් භූමි ප්‍රමාණයෙන් 8.99% ක් මුලටියන බල ප්‍රදේශය සතුව ඇත. මාතර දීස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 අතුරින් විශාලත්වය අතින් මුලටියන කොට්ඨාසය පස්වන ස්ථානය ගනි.
කොට්ඨාශයේ භු විෂමතාවය පිළිබදව සැලකිමේ දී දකුණින් හා නිරිත දිගට වන්නට මුහුදු මට්ටමේ සිට අඩි 100 ක් පමණ උසින් ආරම්භ වේ. උතුර හා වයඹ දිගට වන්නට අඩි 800- 1000 දක්වා සිඝ්‍ර නැග්මක් පෙන්නුම් කරයි. උතුරු අක්ෂාංශ 6° 12′ – 6° 5′ හා නැගෙනහිර දේශාංශ 80° 31′ – 80° 40′ අතර පිහිටා ඇත. වර්ෂය පුරා පැතිරුන වර්ෂාපතනය 2200 mm – 3000mm පමණ වන අතර තෙත් දේශගුණයක් දක්නට ඇති නිසා තෙත් කලාපීය සදාහරිත වනාන්තර දක්නට ලැබේ.
කොට්ඨාසයේ ප්‍රධාන ජල ධාරාව කිරම ආර වන අතර, එය හම්බන්තොට දීස්ත්‍රික්කයට අයත් රම්මලේ කන්දෙන් ආරම්භව වරාපිටිය වැව හරහා කොට්ඨාසයේ ඊසාන දිග කොටසින් මුලටියනට ඇතුල් වන අතර, කොට්ඨාසයේ කෙත් වතු සරු කරමින් ගලා ගොස් කොරඹුරුවාන ග්‍රාම නිලධාරි වසමෙන් කොට්ඨාශයෙන් පිටවේ. කොස්ගහදොල, පුවක්දොල, ඌරුමුතු ඔය, ආදියෙන් ප්‍රධාන ජල ධාරාව පෝෂණය වේ. මෙම කොට්ඨාශයේ ශාකීය ජල වහන රටාවක් දක්නට ලැබේ.
115.3 km2 ක් පමණ වූ මෙම බල ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම් 48 කින් සමන්විතය. පරිපාලන ඒකකය වයඹ, උතුර හා ඊසාන කොටස් කඳු ගැටවලින් ගහන ප්‍රදේශයක් වන අතර නැගෙනහිර හා ගිණිකොණ දිග කොටස කුඩා කඳු ගැට හා ගංගා නිම්නවලින් සමන්විතය. තේ, රබර්, පොල් ප්‍රධාන ආර්ථික භෝග ලෙස වගා කරන අතර, වී වගාවද සාර්ථකව යල මහ කන්න දෙකෙහිදිම සිදුකරයි. වැඩි පිරිසක් තේ සහ කුරුඳු වගාව තුළ ජිවන මඟ සරු කර ගනිමින් සිටී. අතුරු වගාවන් ලෙස සුළු අපනයන බෝග වන ගම්මිරිස්, කරාබුනැටි ඇතුළු වගාවන්ද සාමාන්‍ය මට්ටමින් සිදුකරන අතර ඒ තුලින් මෙම කොට්ඨාශයේ ජනතාව ජාතික ආර්ථිකයටද විශාල දායකත්වයක් ලබාදෙයි.
තෙත් දේශගුණයක් පවතින මෙම ප්‍රදේශයේ පළතුරු වගාව ද සිදුකෙරෙන අතර, ඒ අතුරින් රඹුටන් ප්‍රධාන තැනක් ගනී. කෙසෙල්, අලිගැටපේර, ගස්ලබු, ධූරියන් වැනි පළතුරු වගාවන්ටද වඩාත් සුදුසු පසක් පවතින ප්රදේශයකි.
ලේකම්තුමියගේ පණිවිඩය
මුලටියන ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවිය පුරවැසි සේවා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳව සතුටට පත් වෙමි.
තාක්ෂණයේ දියුණුවත් සමඟ රාජ්‍ය පාලන ව්‍යුහය හා ජනතාව අතර සම්බන්ධතා වඩාත් සමීප කිරීමට මෙන්ම වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව ජනතා සේවාවන් ඉටු කිරීමට මෙම වෙබ් අඩවිය සභාවේ නිලධාරීන්ට මෙන්ම පුරවැසි ජනතාවට ද එකසේ ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.
පුරවැසි ජනතාවට වරිපනම් බදු ගෙවීම, නොපවරා ගැනීමේ සහතික ලබා ගැනීම ,ගොඩනැඟිලි සැලසුම් අනුමත කිරීම, අනුකූලතා සහතික ලබා ගැනීම, අනුබෙදුම් අයදුම්පත් අනුමත කිරීම සහ සභාවෙන් ලැබිය යුතු සේවාවන් සඳහා අයදුම්පත් බාගත කිරීම, අදාළ සේවාවන් සිදු කර ගැනීමේ ක්‍රියාපටිපාටිය ගැලීම් සටහන් මඟින් විස්තරාත්මකව සපයා ගැනීම සඳහා ද මෙම සභාවේ වෙබ් අඩවිය මඟින් පහසුකම් සලසා දී ඇත. තවද අන්තර්ජාලය ඔස්සේ සියළුම ගෙවීම් කටයුතු සිදු කිරීමට මෙමගින් පහසුකම් සලසා ඇත. එමෙන්ම අපගේ පුස්තකාල පද්ධතිය ද ස්වයංක්‍රීයකරණය කිරීමට කටයුතු සලසමින් සිටින බව ද සඳහන් කරනු කැමැත්තෙමි.
අපගේ සේවාවන් අඛණ්ඩව වැඩි දියුණු කිරීම සඳහා ඉල්ලීම් සහ පැමිණිලි ලබා ගැනීමේ පහසුකම ද මෙම වෙබ් අඩවිය සතුවේ.
විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව තොරතුරු තාක්ෂණයෙන් බල ගැන්වුණු රාජ්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා මුලටියන සභාවේ කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීමේ දිර්ඝ කාලීන ව්‍යාපෘතිය තුලින් ඉදිරි වසර කිහිපය තුළ දී නවීන තොරතුරු තාක්ෂණයෙන් බල ගැන්වුණු පළාත් පාලන ආයතනයක් බවට මුලටියන ප්‍රාදේශීය සභාව පත් කිරීම අපගේ අපේක්ෂාව බව ද සතුටින් සඳහන් කරමි.
මුලටියන ප්‍රාදේශීය සභාවට අයත් ග්‍රාම නිලධාරී වසම්
| ග්‍රාම නිලධාරී වසම | ග්‍රාම නිලධාරී වසම් අංකය | ජනගහනය | |
| 1 | ගොම්බද්දල – දකුණ | 271 | 1466 |
| 2 | ගොම්බද්දල – උතුර | 271A | 970 |
| 3 | කුඩාපාන | 271B | 891 |
| 4 | මුලටියන | 272 | 1419 |
| 5 | නෙරලම්පිටිය | 272A | 1139 |
| 6 | කැටියපේ උතුර | 273 | 954 |
| 7 | ගම්මැදගම | 273A | 1022 |
| 8 | කැටියපේ දකුණ | 273B | 928 |
| 9 | කැටපලකන්ද | 273C | 1468 |
| 10 | දෙයියන්දර | 275 | 2094 |
| 11 | සීනිපැල්ල-බටහිර | 275A | 1370 |
| 12 | සීනිපැල්ල- නැගෙනහිර | 275B | 1033 |
| 13 | ගල්ඇටුඹ | 275C | 1032 |
| 14 | මඩුවල | 275D | 1505 |
| 15 | බෙල්පාමුල්ල | 275E | 972 |
| 16 | පරපාමුල්ල නැගෙනහිර | 276 | 1137 |
| 17 | පරපාමුල්ල බටහිර | 276A | 816 |
| 18 | අතපත්තුකන්ද | 276B | 1225 |
| 19 | පරපාමුල්ල දකුණ | 276C | 751 |
| 20 | දේවාලේගම – නැගෙනහිර | 277 | 1056 |
| 21 | දේවාලේගම – බටහිර | 277A | 1286 |
| 22 | රදාවෙල-නැගෙනහිර | 278 | 917 |
| 23 | රදාවෙල-බටහිර | 278A | 766 |
| 24 | බටදොල | 279 | 1388 |
| 25 | පිටවල්ගමුව | 279A | 1542 |
| 26 | කිත්සිරිපුර | 279B | 1229 |
| 27 | පල්ලාවෙල | 279C | 1132 |
| 28 | කොරඹුරුවාන | 299 | 884 |
| 29 | රංසෑගොඩ-දකුණ | 299A | 1400 |
| 30 | මීපාවිට | 299B | 1116 |
| 31 | මුදලිගෙදර | 299C | 1022 |
| 32 | රංසෑගොඩ-බටහිර | 299D | 817 |
| 33 | රත්කැකුලාව | 299E | 2066 |
| 34 | බමුණුගම- නැගෙනහිර | 300 | 905 |
| 35 | හොරපාවිට-උතුර | 300A | 1602 |
| 36 | බමුණුගම- බටහිර | 300B | 1422 |
| 37 | හොරපාවිට-දකුණ | 300C | 1107 |
| 38 | මාකඳුර-බටහිර | 301 | 1795 |
| 39 | රංසෑගොඩ-උතුර | 301A | 1827 |
| 40 | මාකඳුර-නැගෙනහිර | 301B | 1572 |
| 41 | රංසෑගොඩ-නැගෙනහිර | 301C | 934 |
| 42 | දිද්දිනිපොත – නැගෙනහිර | 302 | 748 |
| 43 | දිද්දිනිපොත – දකුණ | 302A | 1127 |
| 44 | දිද්දිනිපොත – උතුර | 302B | 708 |
| 45 | බැරගම- නැගෙනහිර | 303 | 1192 |
| 46 | බැරගම- බටහිර | 303A | 1425 |
| 47 | බැරගම- උතුර | 303B | 1670 |
| 48 | බැරගම- දකුණ | 303C | 1276 |
මුලටියන ප්‍රාදේශීය සභාවට අයත් ජන්ද කොට්ටාශ
ජන්ද කොට්ටාශය | ජන්ද කොට්ටාශය අංකය | ජනගහනය | |
1 | ගොම්බද්දල | 1 අ/ආ | 2473 |
2 | මුලටියන | 2 අ/ආ | 2674 |
3 | දෙයියන්දර | 3 අ/ආ/ඇ | 3106 |
4 | කැටියපේ | 4 අ/ආ | 2570 |
5 | දේවාලේගම | 5 අ/ආ | 3417 |
6 | පිටවල්ගමුව | 6 අ/ආ/ඇ | 3601 |
7 | රදාවෙල | 7 අ/ආ | 2792 |
8 | සීනිපැල්ල | 8 අ/ආ | 4012 |
9 | බැරගම | 9 අ/ආ/ඇ | 4313 |
10 | මාකඳුර | 10 අ/ආ/ඇ | 3580 |
11 | රංසෑගොඩ | 11 අ/ආ | 3045 |
12 | මීපාවිට | 12 අ/ආ/ඇ | 2991 |
13 | බමුණුගම | 13 අ/ආ | 3547 |